විදුහල්පති පණිවිඩය
අකුරැස්ස මහා විද්‍යාලය
දකුණු පළාතේ පිහිටි දිප්තිමත් පාසලක් වන අප පාසලේ සිසු දරැවන් විවිධ අංශවලින් කලාප, පලාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ
රාශියක් අප පාසලට උරැම කර දිමට සමත්ව ඇත.වර්තමානයේ රටේ ඉහල තැන්වල සේවය කරන මිනිසුන් අතරේ අප පාසලෙන් බිහි
වු ආදි සිසුන්ද බොහොමයක් සිටිති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
අකුරැස්ස මහා විද්‍යාලය